Thursday, December 31, 2009

සඳ මිතුරී.........


කවුළු දොරේ එහෙන් මෙහේ
මකුළු හුයේ යපට වගේ
අමර තිමිරයෝ - පිරිසඳ ගොදුරු කරනවෝ

සඳ මල් මිණි දැදිරි නොවේ
නිවත් නිසන් මා කුටියේ
එසඳ වඩිනවෝ - පසුතුරු පහන් දිලෙනවෝ

කුණ්ඩල අභරණ ජාලා
පවනෙහි තාණ්ඩව ලීලා
සිළු නැටවෙනවෝ - මුකුලිත සිත නළැවෙනවෝ

සරිත් සින්දුනාථ සොයා
මේරින් මත් වී කෙළිනා
ලෙස වළඳිනවෝ - පියපත් ගිනි ඇවිලෙනවෝ

ආතුර වුණු වත්සල මධු
ගයමින් එන තිමිරයෙ විදු
ලතා මියෙනවෝ - යාමිනි එබී බලනවෝ

ඉටි පහනෙක වෙස් රූ ඇඳ
සිටියොත් කැලුමැති සඳ නුඔ
පරවී යනවෝ - වැස්සට දෑත වනනවෝ

No comments:

Post a Comment