Thursday, December 31, 2009

වැස්ස


ජලධරා වියන් බිඳගෙන
සනහලා නිසුම් දෙන හද
දල සලා වඩින් ගොයමට
දේවතාවියේ රූබර දේවතාවියේ...

එලවනා ලෙසට සෝ ලය
උලලේන් හඬින් වැගිරෙන
ක්ෂිතිජයේ ඔබෙන් වඩින්න
දේවතාවියේ මාහැඟි දේවතාවියේ...

රන්බැතා ලබන අබිසෙව්
පෝරුවේ හිසින් සුරලින්
වාශනා නදින් වඩින්න
දේවතාවියේ සුකොමල දේවතාවියේ...

ඉඳුසෙනින් වුව ද කම් නැත
නාරක බිම් ඉරි දකින්න
මල් වඩම් අරන් වඩින්න
දේවතාවියේ වර්ෂා ඉන්ද්රජාලියේ..:'(

සඳ මිතුරී.........


කවුළු දොරේ එහෙන් මෙහේ
මකුළු හුයේ යපට වගේ
අමර තිමිරයෝ - පිරිසඳ ගොදුරු කරනවෝ

සඳ මල් මිණි දැදිරි නොවේ
නිවත් නිසන් මා කුටියේ
එසඳ වඩිනවෝ - පසුතුරු පහන් දිලෙනවෝ

කුණ්ඩල අභරණ ජාලා
පවනෙහි තාණ්ඩව ලීලා
සිළු නැටවෙනවෝ - මුකුලිත සිත නළැවෙනවෝ

සරිත් සින්දුනාථ සොයා
මේරින් මත් වී කෙළිනා
ලෙස වළඳිනවෝ - පියපත් ගිනි ඇවිලෙනවෝ

ආතුර වුණු වත්සල මධු
ගයමින් එන තිමිරයෙ විදු
ලතා මියෙනවෝ - යාමිනි එබී බලනවෝ

ඉටි පහනෙක වෙස් රූ ඇඳ
සිටියොත් කැලුමැති සඳ නුඔ
පරවී යනවෝ - වැස්සට දෑත වනනවෝ

වික්ෂෝප වන අතීතය


ඔබට ළදීව උපන් භක්තිය
රන්මුවා පිළිමයෙක ඔප දමා
පූජාසනාරූඪ කරැ.........
පහනින් ආලෝක කළෙමි,
ජ්වාලයෙන් පිදීමි,
මලසුනෙන් මළ මල් ඉවෙත දා,
සුපුෂ්පිතවැ තැබීමි.........

දෙවියනි............................
දැන් මම ඔබ අබියස,
වැහැරුණු අත් පා වෙවුළුම් දෙමින්
ඉලිප්පුණු නහර පිරිමදිමින්
යදිමි...... යදිමි...... යදිමි.......
යාතිකා කරමි,
ස්තෝත්ර ගයමි,
කාරුණ්ය වණමි,
දණ ගසා හඬමි.

නමුදු
ඔබ නිසොල්මන්ය.................
මවිසින් රන් ගා සුලකළ ඔබෙ නෙතු
නිලඹර දලගැබ බොල්වර දෙන තුරු
බලාසිටිනු මම බලාසිටිමි................
ශෝකාග්නිය පාගා කෝපාග්නිය මතුවිණි,,,
එසැණින්
දෑත දිගුවිණි ඔබ දෙසට - දෑස හැරවිණි පිටුපසට

බද්ධාංජලියක් නළල් තල සිඹින්නීය
මා මන නිසොල්මන් වන්නීය...