ආගන්තුකයෙක් ඇවිදින්......
කොල රොඩු ඉහිරුණු
මඩ ඉති වැගිරුණු
සඳලුතලේ සක්මන් කරමින්.......
වියගත් ගත රොනවුළු ගවසා
ධනුගත් කළ මෙන් තෙද බලෙනා
කථාකරයි සුපුරුදු හඬකින්
සිනහ නගයි කෙලි කවට කමින්..
කාටද ඔහු මේ කථාකරන්නේ ??
කා සමග ද ඔහු මේ හිනැහෙන්නේ ??
සෙවනැල්ලක්වත් නැති මිනිසෙක්
හොරෙන්
හොරෙන්
හොරෙන්
හොරෙන්
එබිකම් කළෙමි...
අදහන්නට බෑ.........
ඒ මම මයි......
කථාකරමි ඔහු අඳුර මැදින්
වලාපටින් වැසි පුර සඳ හා.......
ලොවම ගොළුයි...
ඔහු සැතපෙයි......
නෑ
මම සැතපෙමි මඩ ගොහොරේ
අතුරන්නට සඳලුතලේ