Thursday, December 31, 2009

වික්ෂෝප වන අතීතය


ඔබට ළදීව උපන් භක්තිය
රන්මුවා පිළිමයෙක ඔප දමා
පූජාසනාරූඪ කරැ.........
පහනින් ආලෝක කළෙමි,
ජ්වාලයෙන් පිදීමි,
මලසුනෙන් මළ මල් ඉවෙත දා,
සුපුෂ්පිතවැ තැබීමි.........

දෙවියනි............................
දැන් මම ඔබ අබියස,
වැහැරුණු අත් පා වෙවුළුම් දෙමින්
ඉලිප්පුණු නහර පිරිමදිමින්
යදිමි...... යදිමි...... යදිමි.......
යාතිකා කරමි,
ස්තෝත්ර ගයමි,
කාරුණ්ය වණමි,
දණ ගසා හඬමි.

නමුදු
ඔබ නිසොල්මන්ය.................
මවිසින් රන් ගා සුලකළ ඔබෙ නෙතු
නිලඹර දලගැබ බොල්වර දෙන තුරු
බලාසිටිනු මම බලාසිටිමි................
ශෝකාග්නිය පාගා කෝපාග්නිය මතුවිණි,,,
එසැණින්
දෑත දිගුවිණි ඔබ දෙසට - දෑස හැරවිණි පිටුපසට

බද්ධාංජලියක් නළල් තල සිඹින්නීය
මා මන නිසොල්මන් වන්නීය...

No comments:

Post a Comment