
ජලධරා වියන් බිඳගෙන
සනහලා නිසුම් දෙන හද
දල සලා වඩින් ගොයමට
දේවතාවියේ රූබර දේවතාවියේ...
එලවනා ලෙසට සෝ ලය
උලලේන් හඬින් වැගිරෙන
ක්ෂිතිජයේ ඔබෙන් වඩින්න
දේවතාවියේ මාහැඟි දේවතාවියේ...
රන්බැතා ලබන අබිසෙව්
පෝරුවේ හිසින් සුරලින්
වාශනා නදින් වඩින්න
දේවතාවියේ සුකොමල දේවතාවියේ...
ඉඳුසෙනින් වුව ද කම් නැත
නාරක බිම් ඉරි දකින්න
මල් වඩම් අරන් වඩින්න
දේවතාවියේ වර්ෂා ඉන්ද්රජාලියේ..:'(

